Sera එක්ක අපේ රසට කිරිකොස් එකක් හදමුද ?

  • Prep Time
    30 minutes
  • Serving
    10
Like
Like Smile Yummy Wow Love Unlike
1

Ingredients

Sera එක්ක අපේ රසට කිරිකොස් එකක් හදමුද ?

Nutrition

  • Daily Value*
  • carbohydrates
    vitamins

Directions

කිරිකොස් එකක් අපේ රසට හදාගමුද

Step1

පලමුවෙන්ම කොස් ටික පිරිසිදු කරගෙන පොඩිවට කපාගන්න මතක ඇතිව එකම ප්‍රමානයෙ කෑලි වලට කපා ගන්න .. ආ කොස් ඇටත් කපාගෙන තියාගන්න කොස් ටික එක්කම කොස් ඇටත් අපි උයනව ඒක මාර රසයි..

Step2

ඊට පස්සෙ ඔයාලා ඉඩ තියෙන බාජනයක් අරගෙන ඒක ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත්වෙන්න දෙන්න , තෙල් ටික රත්වීගෙන එද්දි අබ සහ සුදුලූනු දාල හොඳ සුවදක් එනකන් මද ගින්නෙ කලවම් කරමින් බැදගන්න

Step3

ඒටික බැදගත්තට පස්සෙ ඔයාලා එනසල්,කරාබුනැටි,කුරුඳු,උලුහාල්,රම්පෙ කරපින්චා මේකට දාගෙන තවත් ටිකක් වෙලා බැදගන්න

Step4

ඒ ටික බැදීගෙන එද්දි ඔයාලා මේකට කොච්චි , ලූනු දාගන්න ෛඉට පස්සෙ ටිකක් ඒ ටිකත් තෙම්පරාදු වෙන්න දෙන්න

Step5

දැන් තුනපහ,කහකුඩු,ලුණු,ගම්මිරිස් දාලා ඒකටම වතුර ටිකකුත් දාලා හොඳින් කලවම් කරගන්න මතක ඇතිව කොස් ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමානෙට වතුර දාගන්න ඊට පස්සෙ පොඩිවට කපාගත්ත කොස් සහ කොස් ඇටටික මේකට දාගෙන විනාඩි 10ක් වගේ පියන වහලා කොස් ටික තම්බා ගන්න ..ගොඩාක්ම බෙරි කරගන්න එපා ගානකට තම්බා ගන්න මොකද ගොඩක් බෙරි කරගත්තොත් කිරි දාල උතුරවද්දි මේක දියවෙයි එනිසා ගානට තම්බා ගන්න

Step6

හරි දැන් කොස් ටික තම්බාගත්තට පස්සෙ අපිට තියෙන්නෙ මේකට පොල්කිරි එකතුකරගන්න , පොල්කිරි ටික එකතු කරගත්තට පස්සේ වියලි මිරිස් ටිකකුත් මේකට එකතු කරලා හොදට උතුරවාගන්න මේ අතරවාරෙදි ලුනු රස බලල ලුනු රස මදිනම් තව ලුනු ටිකක් එහෙම දාගන්න පුලුවන් ඔයාලට ( මම නම් ගත්තේ සේරා පොල්කිරි මොකද ඒක හොඳ උකුයි රසයි ඔයාලත් සේරා පොල්කිරි ගන්නවානම් සේරා පොල්කිරි මිලිලීටර් 180 ට වතුර මිලිලීටර් 80ක් වගේ දාලා ඒක කලවම් කරලම ගන්න )

Step7

හරි දැන් ඉතින් මේ හදාගත්ත රසම රස කිරිකොස් එක රස බලන්න තමා තියෙන්නෙ.. මේක බත් එක්ක පාන් එක්ක වගේම ඔයාලට ඉදිආප්ප වගේ කෑමත් එක්කත් කන්න පුලුවන් මාරම රසයි...

Conclusion

කිරිකොස් කියන්නෙ අපේ රටේ හදන රසවත් කෑමක් ඉතින් මේ රසවත් ගුනවත් කෑම එක හරියට රසට ගුනට හදාගන්න විදිය තමා මේ රෙසිපි එකෙන් අරගෙන ආවෙ , ඉතින් කෑම හදන්න ආස ඔයාලා මේක අනිවාර්‍යයෙන් හදලා බලන්න මොකද මේක ගොඩාක් රස කෑමක් ...ස්තුතියි..

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 6 )
  • Thilini

    කෙල්ලයි කොල්ලයි දෙන්නටම රස වැටිලා…

  • Kavindi Aberathna

    මේ වගේ රෙසිපි දාන එකට නම් ස්තූතියි ❤️

  • Anupama Doratiyawa

    ඉස්සර ඉඳන්ම ආසම කෑමක්.ආසම විදියට හදාගන්න පුලුවන් වුණා

  • Chandila

    මේක හදනවා නම් සේරා පොල්කිරිම Use කරන්න. වෙන ඒව දැම්මට නියම Tase ඒක එන්නේ නෑ

  • Gimhani Upeka

    කිරිකොස් කියන්නේ ඉස්සර ඉඳලම අපේ කෑමක්..මෙහෙම කෑම හදන විදිය දානවට ස්තූතියි

  • Gimhani Upeka

    මේ රෙසිපි වලට නම් ගොඩක් ස්තූතියි.ආසම කෑමක් තමයි කිරි කොස්

  • Thilakshi Fernando

    සේරා මිරිස් කුඩු ගොඩක් නොදා මං හැදුවේ හරිම රසවත්

Leave a Reply to Chandila Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »