Munchee Kalo Chocolate & Hawaiian Cookies Dessert

  • Prep Time
    N/A
  • Serving
    6
Like
Like Smile Yummy Wow Love Unlike
22213

Ingredients

මංචි කාලෝ චොක්ලට් ක්‍රීම් බිස්කට්, මංචි හවායින් කුකීස් බිස්කට්, බිස්කට් අතුරුපස කප්

Directions

Step1

මංචි හවායින් කුකීස් බිස්කට් සහ මංචි කාලෝ චොක්ලට් ක්‍රීම් බිස්කට් වෙන වෙනම, කුඩා කෑලි තියෙන ලෙස කුඩු කරගන්න.

Step2

කිරි 300 ml වලින් කිරි කෝප්ප 1/4 පමණ ගෙන කස්ටඩ් පවුඩර් මේස හැඳි 4 හොඳින් දිය කරගන්න.

Step3

ඉතිරි කිරි ටික භාජනයකට දමා මද ගින්දරේ එයට සීනි මේස හැඳි 1ක් දියකරගන්න

Step4

සීනි ටික දියවුනු පසු කිරි හා කස්ටඩ් පවුඩර් මිශ්‍රණය භාජනයට දමන්න

Step5

සාමාන්‍ය ගින්දරේ. මිශ්‍රණය ටිකක් උකු වනතුරු නොනවත්වා මිශ්‍ර කරන්න.

Step6

මිශ්‍රණය සාමාන්‍ය ලෙස උකු වේගෙන එනවිට ලිපෙන් ඉවත්කර ගන්න.

Step7

විපින් ක්‍රීම් 300ml, සීනි මේස හැඳි 1 සහ වැනිලා තේ හැඳි 1/2 එක භාජනයකට දමා විපින් ක්‍රීම් ටික සෙට් වනතුරු බීට් කරගන්න.

Step8

සුදුසු නොසල් එකක් දමාගත් පයිපින් බෑගයකට විපින් ක්‍රීම් ටික පුරවා ගන්න.

Step9

බිස්කට් අතුරුපස සෑදීමට ගන්නා කෝප්ප ගෙන එයට පළමුව මංචි හවායින් කුකීස් කුඩු කරගත් බිස්කට් මිශ්‍රණයෙන් මේස හැඳි 2 බගින් පුරවා ගන්න

Step10

දෙවනුවට කස්ටඩ් ක්‍රීම් මිශ්‍රණය මේස හැඳි 2ක් බැගින් පුරවාගන්න.

Step11

නැවතත් මංචි කාලෝ චොක්ලට් ක්‍රීම් බිස්කට් කුඩු මිශ්‍රණයෙන් මේස හැඳි 2ක් පුරවා ගන්න.

Step12

සාදාගත් විපින් ක්‍රීම් හතරවන තට්ටුව ලෙස බිස්කට් අතුරුපස මත පුරවා ගන්න

Step13

මංචි කාලෝ චොක්ලට් ක්‍රීම් බිස්කට් එකක් විපින් ක්‍රීම් මත රඳවා බිස්කට් අතුරුපස තවත් රසවත් කරගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 10 )
  • Sapuni

    ලේසියෙන් හදන්න පුලුවන්

  • Apsaraa

    රසට ආවා

  • Sandun Maduwantha

    මංචි කාලෝ වලින් හැදුවා කියන්නේ ආයෙ ඉතිං රස ගැන නම් විවාදයක් නෑ

  • Nuwanthi Tharuka

    ගිය සතියෙ හැදුවා…හොඳ රසක් ආවා

  • Maduka Rasanji

    මං ආසම කෑමක් තමයි..යෝගට් වෙනුවට හොඳ අතුරුපසක්

  • Charith

    ඉතාම ප්‍රසන්නයි.

  • Nipuni

    ❤ ❤ ❤

  • Methmi

    හැමෝම මගේ රස කෑම වල රස ගන්නේ කොහොමද අහනවා..

  • Nethmi

    නියම පදමට හැදිලා ආවා…😍

  • Maheesha

    Excellent

Leave a Reply to Nipuni Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »