සොයා මීට කට්ලට්

  • Prep Time
    30 min
  • Serving
    20
Like
Like Smile Yummy Wow Love Unlike
1

Ingredients

සොයා මීට කට්ලට්

Directions

Step1

මුලින්ම අල තම්බලා පොතු යවලා පොඩි කරගන්න

Step2

ඒක පැත්තකින් තියලා, වතුර ටිකක් රත් වෙන්න තියලා වතුර රත් වුනාම සෝයාමීට් ටික දාලා හොදට තම්බගෙන වතුර අයින් කරලා සෝයාමීට් ටිකත් මිරිකලා වතුර අයින් කරන්න.

Step3

තෙල් ටිකක් භාජනේකට දාලා ඒකේ වතුර මිරිකා ගත්ත සෝයාමිට් ටික බැදගන්න. හොදින් බැදුනාම තෙලෙන් අරන් තෙල් බේරෙන්න කිචන් පෙපර් එකක් උඩට දාන්න..

Step4

බ්ලෙන්ඩර් එකේ එක පොඩි ග්‍රයින්ඩර් කප් එකට පොඩ්ඩ පොඩ්ඩ බැදපු සෝයාමීට ටික දාලා පොඩි කරගන්න. කෑලි පොඩ්ඩක් හිටින විදියට..

Step5

ලූනු පොඩියට කපලා, කරපිංචා හීනියට කපන්, සුදුළූනු ඉඟුරු හීනියට කපන්, ලීක්ස් පොඩියට කපන් ලෑස්ති කරගන්න..

Step6

පෑන් එකක් ලිපෙන් තියලා ඒකට තෙල් මේසහැඳි 2 ක් දාන්න.

Step7

තෙල් ටික රත්වෙද්දි කරපිංචා, සුදුළූනු, ඉඟුරු, ලූනු ටික දාලා තෙම්පරාදු කරන්න..

Step8

ඒකට ලීක්ස් ටිකත් එකතු කරලා කලවන් කරන්න..

Step9

ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු , කෑලි මිරිස් කුඩු, අමුතුනපහ කුඩු, ලුණු කුඩු එකතු කරලා කලවන් කරන ගමන් ලීක්ස් මැලවෙනකන් උයාගන්න..

Step10

ඊට පස්සේ පොඩි කරගත්ත සෝයාමීට් ටික එකතු කරලා කලවන් කරන්න..

Step11

තම්බලා පොඩි කරපු අල ටිකත් එකතු කරලා කලවන් කරන්න.

Step12

විනාඩි දෙක තුනක් සාමාන්‍ය ගින්දරේම උයන් ලිප වහන්න. දෙහි ඇඹුල් දාන්න අවශ්‍ය නෑ.

Step13

ඊට පස්සේ ඒ මිශ්‍රණෙන් පොඩ්ඩ පොඩ්ඩ අරන් එකම ප්‍රමාණයට බෝල හදලා පැත්තකින් තියාගන්න..

Step14

බිත්තර දෙකක් භාජනේකට දාලා ගෑරප්පුවකින් හොදට ගහලා තව භාජනේකට පාන්කුඩු දාගන්න. ඒ පාන් කුඩු වලට කෝන්ෆ්ලා ටිකක් දාලා කලවන් කරන්න එතකොට කට්ලට් බැද්දාම පෙඟෙන්නෙ නෑ. බිත්තර වල හදපු කට්ලට් දාලා වටේම හොදට බිත්තර සාරු තවරන් පාන් කුඩු වලත් තවරගන්න.

Step15

එක වතාවත් ඔක්කොම කට්ලට් ටික බිත්තර වලයි පාන් කුඩු වලයි දවටන් දෙවනි වතාවටත් ආපහු බිත්තර යි පාන් කුඩු වලයි දවටගන්න. එතකොට කට්ලට් එක පෙනුමයි. පුපුරන්නෙත් නෑ.

Step16

සෝයාමීට් බැදපු තෙල් ටිකටම තව තෙල් එකතු කරලා, හොදට රත් කරන් කට්ලට් රන්වන් පාට වෙන්න බදින්න..

Step17

කට්ලට් බදිද්දි තෙල් කට්ලට් වැහෙන ප්‍රමාණෙට තියෙන්න ඕන. තෙල් භාජනේ ඉඩ තිබ්බාට පිරෙන්න කට්ලට් දාන්න එපා බැදෙද්දි කට්ලට් එකට එක වැදුනාම පැලෙනවා. හැම වෙලේම හැඳි ගා ගා හරවන්න එපා බැදුනාම තෙල් බේරලා අරන් පැත්තකින් තියන්න.

Step18

මස් මාළු නොකන අයට මේ සෝයාමීට් කට්ලට් හොදටම ගැලපෙනවා. හරිම රසයි. මට මේ ක්‍රමේ මගේ මහත්තයාගේ අම්මා කියලා දුන්නේ එයාට එයාගේ අම්මා කියලා දුන්නා කියලා. පන්සලට දානයක් දෙද්දි මස් මාළු නොකන කෙනෙක් ගෙදර කෑමට එද්දි හදලා දෙන්න පුළුවන්.

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 5 )
  • Thilini

    මං හෙට හදනවා..අද යනව් බඩු ගන්න

  • Harendra Isuru

    පට්ටම රසයි ❤️ ❤️

  • Umasha

    මේක ටී ටයිම් එකට මරු… නියමෙට මැච් වෙනවා

  • Gimhani Upeka

    කාල බලන්න, ආස හිතෙයි

  • Thilakshi Fernando

    Tea Time ekata 😍

Leave a Reply to Gimhani Upeka Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »