- August 23, 2024
- by Dhammika Herath
- 0 Like
- 5 / 5
- 334 View

-
Prep Time20 min
Ingredients
වට්ටක්කා දලු රෝල්ස්
Directions

මුලින්ම වට්ටක්කා දලු හෝදල හොඳට තෙත බේරෙන්න තියන්න. ඉන්පසු බාජනයක් ගෙන එයට සේරා මිරිස් කුඩු , සේරා කහ කුඩු , සේරා අමුතුනපහ කුඩු , සේරා ගම්මිරිස් කුඩු , සේරා ලුණුකුඩු , හීනියට ලියාගත් රතුලූණු ,හීනියට ලියාගත් අමුමිරිස්, හීනියට ලියාගත් රම්පෙ, හීනියට ලියාගත් කරපිංචා සහ බිත්තරයක් දමා ගෑරුප්පුවකින් මිශ්‍ර කරගන්න. එයටම හාල්පිටි ටික ටික එකතුකර ටිකක් ඝන බැටර් එකක් සාදාගන්න. දැන් දීසියක් අරන් වට්ටක්කා කොලේ යටපැත්ත උඩට හිටින විදිහට තියන්න. අර බැටර් එක මේ කොලේ ගාන්න. ඊට පස්සෙ කොලේ උල් පැත්තෙ ඉඳලා රෝල් කරන්න .මේ විදිහට සකස් කරගත් කොල ස්ටීමර් එකක අතුරලා විනාඩි 20 විතර තම්බගන්න .ඊළඟට මෙහෙම තම්බාගත් කොලයක් කොටස් තුනකට හෝ හතරකට කපන්න . ඉන්පසු මෙම සාදාගත් වට්ටක්කා දලු රෝල්ස් ගැඹුරු තෙලේ බැදගන්න. අවශ්‍යනම් බැටරයක දවටා බිස්කට් කුඩු තවරා ගත් හැක.
Leave a Reply to Chamodi Akashya Cancel reply
වට්ටක්කා දලු රෝල්ස්
Ingredients
වට්ටක්කා දලු රෝල්ස්
Follow The Directions

Recipe Reviews