- June 5, 2024
- by Nadu Pallegangoda
- 0 Like
- 5 / 5
- 465 View
-
Prep Time15
-
Serving4
Ingredients
බිම්මල් බැදුම
Directions
සාදන ආකාරය
මුලින්ම හතු ටික අරගෙන ටිකක් ලොකුවට කෑලි කඩලා, සෝදලා හොඳට වතුර මිරිකලා පැත්තකින් තියා ගන්න.
හොඳට පදම් උන හට්ටියක් හරි නන්ස්ටික් පෑන් එකක් හරි ලිපේ තියලා, ඒකට තෙල්වලින් මේස හැඳි දෙකක් දාලා රත් කරන්න.
වතුර මිරික ගත්ත හතු එකට ලුණු කුඩු චුට්ටක් එක්ක කහ කුඩු චුට්ටක් දාලා ඇඟිලි තුඩු වලින් ඉක්මනින් මිශ්‍ර කරලා මේ රත් වෙච්චි තෙල් එකට දාන්න .. දැන් ලිපේ ගින්දර වැඩි කරලා හතු ටික හැන්ඳකින් එහා මෙහා කරමින් රන්වන් පාටට එනකන් බැදලා හොඳට තෙල් බේරලා පිඟානකට දා ගන්න.
ඒ පෑන් එකේ ඉතුරු උන තෙල් එකට ඉතුරු තෙල් මේස හැන්ඳ දාලා අබ ටික දාලා පුපුරන්න දෙන්න .. ඊලඟට කපා ගත් ළූනු ටික දාලා විනාඩියක් විතර හොඳට කලවම් කරමින් තෙම්පරාදු කරලා, රම්පෙ කරපිංචා, ඉඟුරු සුදු ළූනු පේස්ට්, අමු මිරිස් එක්ක කුරුඳු පොත්ත දාලා හොඳට සුවඳ එනකන් තෙම්පරාදු කරන්න.
ඊලඟට ලිපේ ගින්දර අඩු කරලා මේකට කහ කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, රස අනුව ලුණු කුඩු, සීනි එක්ක තක්කාලි ටිකත් දාලා වතුර මේස හැන්ඳකුත් දාලා තක්කාලි ටිකක් මෙලෙක් වෙනකන් තෙම්පරාදු කරන්න.
දැන් තෙම්පරාදුවේ ලුණු ඇඹුල් බලලා, ඒවා මදි නම් ගානට දාගෙන (ලුණු දාද්දි පරෙස්සමින් මොකද බැදපු හතුවලත් ලුණු තියෙනවා) අන්තිමට බැදපු හතු ටික එකතු කරලා හොඳට කලවම් කරන්න.
ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා තවත් විනාඩි තුන හතරක් විතර තෙම්පරාදු කරලා ලිපෙන් බාලා කැමති නම් දෙහි ඉස්ම චුට්ටක් එකතු කරලා කෑමට ගන්න.
Leave a Reply to Upeksha Cancel reply
බිම්මල් බැදුම
Ingredients
බිම්මල් බැදුම
Follow The Directions

Recipe Reviews