සෝයාමීට් කලුපොල් මාලුව

  • Prep Time
    N/A
  • Serving
    N/A
Like
Like Smile Yummy Wow Love Unlike
13

Ingredients

සෝයාමීට් කලුපොල් මාළුව

Directions

Step1

මුලින්ම මිරිස් කුඩු හා අමු තුනපහ කුඩු එකට දමා කලු පැහැයක් මිශ්‍ර දුඹුරු පැහැයක් එනතුරු කබලේ බැද ගන්ට. කලුපොල් මිශ්‍රණය සාදාගන්නා ආකාරය- කබලේ මුලින්ම හාල් මිට බැදගන්ට. එය දුඹුරු පැහැවන විට එයට පොල්, කුරුදු කැබැල්ල, එනසාල්, කරාබුනැටි, කරපිංචා, රම්පෙ සහ අබ ටිකක් එකතු කර කවලම් කරමින් බැදගන්ට. මදක් නිවුණු පසු කුඩු වන්නට කොටාගන්ට.

Step2

කලු පොල් සෝයාමීට් එක සාදන ආකාරය- මුලින්ම භාජනයක් ලිපේ තබා එයට තෙල් දමා ගන්ට. ඔබට අවශ්‍ය තෙල් වර්ගයක් ගත හැකියි. ලිපේ ගින්දර ඉතාම වැඩිකර නොගෙන තබා ගන්ට. තෙල් ටික රත්වන විට එයට, තලාගත් ඉඟුරු සහ සුදුළූණු දමාගන්ට. එය ටිකක් බැදෙන විට එයට කරපිංචා , රම්පෙ කෑල්ලක්, ලොකුළූණු සහ අමුමිරිස් දමන්ට. එයට කහකඩු ස්වල්පයක්ද එක් කර හොඳින් කවලම් කරමින් එයට මදක් බැදෙන්ට ඉඩහරින්ට. විනාඩියකට පමණ පසු අර මිශ්‍රණයට තම්බා ගත් සෝයා මිට් දමා කවලම් කරන්ට.

Step3

මද වේලාවක් කවලම් කරමින් උයාගෙන එයට අප බැදගත් තුනපහ සහ මිරිස්කුඩු මිශ්‍රණය දමා හොඳින් සෝයාමීට් වල තැවරෙන ලෙස කවලම් කරගන්ට. ඒ සමගම අප සාදාගත් කලුපොල් මිශ්‍රණයෙන්ද තමා හොඳින් කවලම් කරගන්ට. ඉන්පසු සාමාන්‍ය ගින්දරේ භාජනය වසා පිසෙන්නට හරින්ට. මදවේලාවකින් පියන ඇර බලා නැවත හොඳින් මිශ්‍ර කර අප සාදාගත් පොල්කිරි කෝප්පය එකතු කරන්ට. ඉන්පසු හොඳින් කවලම් කර ගින්දර මදක් වැඩිකර පිසෙන්නට හරින්ට. ගින්දර ගොඩක් වැඩි නොකර තබාගන්ට.

Step4

සෝයා එකේ තෙලපෑදී ඉස්ම මතුවන විට ලිපෙන් බා ගන්ට.

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 5 )
  • Ravindu

    කන්න ආසම ලංකා සෝයි ❤️

  • Anupama Doratiyawa

    මේකනම් මරු Lanka Soy

  • Chandila

    Kochchara Soya thibbath, Lanka Soy kiyana raha thama apita danenne…

  • Gimhani Upeka

    නියම රස ගන්න නම් ඉතිං සේරා නිෂ්පාදනම තමයි

  • Ravindu

    බබා ආසවෙන් කන කෑමක්

  • Thilakshi Fernando

    Lanka Soy Love it!!!!!❤️❤️❤️❤️❤️

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »