පරිප්පු මස් කරිය

  • Prep Time
    2 hrs
  • Cook Time
    20min
  • Serving
    10
Like
Like Smile Yummy Wow Love Unlike

Ingredients

පරිප්පු මස් කරිය

Directions

Step1

පළමුව පරිප්පු හොඳින් සෝදා පැය දෙකක් පමණ පෙඟෙන්න තබන්න.

Step2

ඉන්පසු වතුර ඉවත් කර පරිප්පු ටික බ්ලෙන්ඩරයට දමා එයට බිත්තරය, ලූනු, සුදු ලූනු, සේරා කෑලි මිරිස් හා සේරා ලුනු තේ හැඳි 1/2ක් පමණ එක්තු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.(වතුර නොදා)

Step3

මෙම මිශ්‍රණය සුදුසු භාජනයක දමා හුමාලයෙන් තම්බාගන්න.

Step4

තැම්බුන පසු කොටු හැඩැති කැබලි කපාගන්න.

Step5

ඉන්පසු හට්ටියක් ලිප තබා එයට පොල් තෙල් දමා රත්වූ පසු, ඉතිරි සුදු ලූනු, ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු කැබැල්ලක්, තක්කාලි, ගොරකා, සේරා කහ, සේරා මහදුරු, සේරා ගම්මිරිස් කුඩු, සේරා මිරිස් කුඩු, සහ තලාගත් උම්බලකඩ දමා හොඳින් කලවම් කරන්න.

Step6

තක්කාලි තැම්බීගෙන එන විට සේරා පොල් කිරි කෝප්ප දෙකට වතුර කෝප්පයක් කලවම් කර කලින් මිශ්‍රණයටම එකතු කරන්න.

Step7

එයට සකසාගත් පරිප්පු කැබලි සහ රස අනුව ඉතිරි ලුනු ටිකද දමා හොඳින් කලවම් කර හොද්ද උකු වන විට ලිපෙන් ඉවතට ගන්න.

You May Also Like

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »